හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල කලාපයේ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අප ප්‍රදේශයේ කිර්තිමත් විදුහල් මාතාවකි.
වසර 129 ක් පැරණි මෙහි විදුහල මේ වන විට සිසු සිසුවියන් 11000 කට පමණ මව් පාසල වී ඇත. ගුරුභවතුන් 6000ක් පමණ සේවාව මේ දක්වා මෙම විදුහලට ලැබී ඇත. දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම පාසල ඉතා කුඩා ඉඩ ප්‍රමාණයකින් 1892 වර්ෂයේදී ආරාම්භ වී දැනට අක්කර දෙකහමාරක භුමියක පැතිර ඇත. පාසල කොටස් දෙකකට වෙන් කර ප්‍රාදේශීය සහා පාර පාසල මැදින් ගමන් කිරීම නිසා පාසලේ පරිපාලනයට කාලයක් තිස්සේ විවිධ ගැටළු වලට මුහුණ පාන්න සිදුව නැත. 1999 වර්ෂයේදී මෙම පාර පාසල් කෙලවරින් ලබාදීම තුළින් පාසල එක භූමියකට ගොනු කිරීම සුවිශේෂී ජයග්‍රහණයක් විය. එසේම පාසලට මැදිවූ පර්චස් 70ක පමණ ඉඩම් කොටස රජයට පවරා ගෙන පාසලට ලබා දීම තුළ පාසලට නව මුහුණුවරක් ලැබුණා සේ පෙනෙන අතර අලුත් ගොඩනැගිලි සංකීර්ණය දර්ශනීය ලෙස දිස් වන්නේ ඒ තුළිණි. මෙම නව ගොඩනැගිලි සංකීර්ණය, 2004 සුනාමි ව්‍යවසනයෙන් පසු යුනිසෙෆ් ආධාරයක් වශයෙන් පාසලට ලැබුණි.
2014 වසරේදී පාසලට නව මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් ලැබුණු අතර එය සිසුන්ට තාක්ෂණය කරා යොමු වීමට මහඟු පිටුවහලක් විය. තවද විවිධ විෂය සමගාමී හා විෂය බාහිර අංශ වලින් මේ දක්වා විශේෂ ජයග්‍රහණ ලබාදුන් සිසු සිසුවියන් මෙම පාසලේ සිටීමද විශේෂ ලක්ෂණයකි. 2010 සහ 2011 වර්ෂවලදී සමස්ත ලංකා නැටුම් තරග වලින් ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය ලබාගැනීමට සමත් වීම අප පාසලේ සිසු සිසුවියන් ලත් ජයග්‍ර්‍රහන වලින් කිහිපයකි. ක්‍රීඩා අංශයේ තරග වලින් පළාත් තරග දක්වා යෑමට තරම් දක්ෂතාවයක් අප දරුවන් තුළ ඇත. ජාතික ශිෂ්‍ය භට බලකාය සඳහා විදේශ සංචාර පවා ලැබී ඇත.