ආසිරි දී ජය ගොස සපුරා
සුදිලේ ලකඹර කිත් පතුරා.....//
සිතුමණි රුවනක් බඳු මෙම රුහුණේ
තාකුළුගමුවේ ජය හඬ නැගුනේ
බැබළෙන ගාමිණි විදුහල් මාතා
ගුණ මහිමේ ගයමි මෙසේ
වැඳ බැතියෙන්
ආසිරි දී........
තුරුලේ සුවසේ - උණුසුම මිහිරේ
ලැබ සැනසෙන බී සිප් කිරි දහරේ
බැති බර අප සැම ඔබ පා සෙවනේ
ගුණ මහිමේ ගයමි මෙසේ.....
වැඳ බැතියෙන්
ආසිරි දී........
ලබනා ඇසුරේ - දිවි එළියම වේ
ඔබ පා වැකි - දූවිලි මිණිමුතු වේ
ඉසුරින් සපිරි - විදුහල් මව්නි
ගුණ මහිමේ - ගයමි මෙසේ
වැඳ බැතියෙන්
ආසිර දී ජය...........